English Guide 7 (Sinhala )

simple past tense  – positive 

මෙය සරල වර්තමාන කාලය ලෙස හැදින් වීමටද පුළුවන් . මෙම වාක්‍ය රටාවෙන් කියවෙන්නේ අතීතයේ යම් දෙයක් කරලා තිබුනා නම් ඒ දේවල් පැවසීමටයි . ඒ වගේම මෙම වාක්‍ය වරගයේදී යොදා ගන්නේ past tense වර්ගයට අයත් ක්‍රියා පදයි . එම ක්‍රියා පද පෙර පිටුවක සදහන් කර ඇත .

මෙම වාක්‍ය  රටාවේදී ක්‍රම දෙකකට simple past tense වාක්‍ය ලිවිම කල හැකිය . එක ක්‍රමයක් වන්නේ did යන පදය ක්‍රියා පදයට මුලින් යොදා ලිවීමයි . එසේ ලිවිම සිදු කරන විට ක්‍රියා පදය සාමාන්‍ය ආකාරයට ලිවිය යුතුයි . අනිත් ක්‍රමය නම් නාම පදයට පසුව ක්‍රියා පදයේ past tense ස්වරුපය ලිවීමයි . මෙම simple past tense වලදී වාක්‍ය ඒකවචන බහුවචන කියා වෙනසක් නැත. ක්‍රියා පද එකම ආකාරයකට යෙදෙයි .

1. Nimal wrote a letter
Nimal did write a letter
නිමල් ලිපියක්  ලිවුවේය

2. Kasun read a book
Kasun did read a book
කසුන් පොතක් බැලුවේය

3. She cooked rice
She did cook rice
ඇය බත් ඉව්වාය

4. It  drove a car
It did drive a car

5. Saduni watched a film
Saduni did watch a film

6. I read a book
I read did a book

7. They wrote a book
They did write a book

8. They drove a car
They did drive a car

9. They cooked rice
They did cook rice

10. They watched a film
They did watch a film

 simple past tense  – negative

මෙම වාක්‍ය රටාවෙන් අපට ලිවීමට පුළුවන් වන්නේ අතීතයේ අපි නොකරපු දෙයක් ගැනයි . මෙහෙදී ක්‍රියා පදයට ඉදිරියෙන් did not  පදය එකතු කිරීමෙන් මෙම වාක්‍ය රටාව අපට පහසුවෙන් සාදා ගැනීමට හැකිය. ක්‍රියා පදය සරල ආකාරයෙන් ලිවිම කල යුතුයි

Did not = didn’t

1. Kasun didn’t read a book
කසුන් පොතක් බැලුවේ නැත

2. Nimal didn’t write a letter
නිමල් ලිපියක් ලිවුවේ නැත

3. She didn’t cook rice
ඇය බත් ඉවුවේ නැත

4. It didn’t drive a car
5. Saduni didn’t watch a film
6. I didn’t read a book
7. They didn’t write a book
8. They didn’t drive a car
9. They didn’t cook rice
10. They didn’t watch a film

 simple  past tense  – positive question

මෙය අතීතයේ යම්කිසි ක්‍රියාවක් සිදු කරාද ලෙස ප්‍රශ්න අසන ආකාරය දැක්වෙන වාක්‍ය රටාවකි .අපි කලින් ලියු simple past tense වාක්‍ය වල did පදය වාක්‍ය ඉදිරියට ගෙන එමෙන් මෙම වාක්‍ය රටාව නිර්මාණය කර ගැනීමට පුළුවන් . ක්‍රියා පදය සරල ආකාරයෙන් ලියයි

1. Did Kasun read a book ?
කසුන් පොතක් බැලුවද ?

2. Did Nimal write a letter ?
නිමල් ලිපියක් ලිවුවද ?

3. Did she cook rice ?
ඇය බත් ඉවුවද ?

4. Did it  drive a car ?
5. Did Saduni watch a film ?
6. Did I read a book ?
7. Did they write a book ?
8. Did they drive a car ?
9. Did they cook rice ?
10. Did they watch a film ?

 simple past tense  – negative question

මෙම වාක්‍ය රටාවෙන් සිදු කරන්නේ අතීතයේ යම් ක්‍රියාවක් නොකෙරුවද යන්න ප්‍රශ්න ආකාරයෙන් ඇසීමයි . එනම් simple past tense  – negative ලෙස අපි ලියපු වාක්‍ය රටාවේ ප්‍රශ්න ස්වරූපයයි .
වාක්‍ය ඉදිරියට did not = didn’t  යෙදීමෙන් අපට මෙම වාක්‍ය වර්ගය සාදා ගැනීමට පුළුවන්

1. Didn’t  Kasun read a book ?
කසුන් පොතක් කියවලා නැද්ද ?

2. Didn’t  Nimal write a letter ?
නිමල්  ලිපියක් ලිවුවේ නැද්ද ?

3. Didn’t  she cook rice ?
ඇය බත් උයලා නැද්ද  ?

4. Didn’t  it  drive a car ?
5. Didn’t  Saduni watch a film ?
6. Didn’t  I read a book ?
7. Didn’t  they write a book ?
8. Didn’t  they drive a car ?
9. Didn’t  they cook rice ?
10. Didn’t  they watched a film ?
past continuous tense  – positive

මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ යම්කිසි කාලයක් තුල සිදුවෙමින් පවතී දෙයක් ගැන පැවසීමටයි
මෙහිදී ඒකවචන නාම පද සදහා was යන පදයත් බහුවචන නාම පද සදහා were යන පදයත් යොදා ගනියි .  ඒ වගේම ක්‍රියා පදය ing ආකාරයෙන් ලියයි

1. Kasun was reading a book
කසුන් පොතක් කියවමින් සිටියේය

2. Nimal was writing a letter
නිමල්  ලිපියක් ලියමින් සිටියේය

3. She was cooking rice
ඇය  බත් උයමින් සිටියේය

4. It  was driving a car
5. Saduni was cooking a rice
6. I were reading a book
7. They were reading a book
8. They were driving a car
9. They were cooking rice
10. They were cooking a film

past continuous tense  – negative

මෙම වාක්‍ය රටාව භාවිතා කරන්නේ අතීතයේ යම්කිසි කාලයක් තුල සිදුවෙමින් නොතිබූ දෙයක් ගැන පැවසීමටයි
මෙහිදී ඒකවචන නාම පද සදහා was not  යන පදයත් බහුවචන නාම පද සදහා were not  යන පදයත් යොදා ගනියි .  ඒ වගේම ක්‍රියා පදය ing ආකාරයෙන් ලියයි


1. Kasun wasn’t reading a book
කසුන් පොතක් බලමින් සිටියේ නැත

2. Nimal wasn’t writing a letter
නිමල් ලිපියක් ලියමින් සිටියේ නැත

3. She wasn’t cooking rice
ඇය බත් උයමින් සිටියේ නැත

4. It  wasn’t driving a car
5. Saduni wasn’t cooking a rice
6. I weren’t reading a book
7. They weren’t reading a book
8. They weren’t driving a car
9. They weren’t cooking rice

10. They weren’t cooking a film