අව්‍ය පද ( articles) .
මේ පාඩමට යන්න කලින් අපි ඉංග්‍රීසි භාෂාවේ ව්‍යූහය ටිකක් බලමු ,ඉංග්‍රීසි
භාෂාවේ අකුරු 26ක් තියෙනවා ඒ අතරින් අකුරු 5ක්
ස්වර අකුරු ඉතුරු අකුරු 21 ව්‍යංජන
අක්ෂර ලෙස හදුන්වනවා .
ඉංග්‍රීසි
භාෂාවේ ස්වර අක්ෂර වන්නේ A
- E - I - O - U
A –
An –T he
අපි
මේ පොඩි වචන 3 ගැන අද ඉගෙන ගනිමු .
මේ වචන 3 පොඩි වචන තුනක් උනාට
ඉංග්‍රීසි භාෂාවේ වැදගත්ම වචන 3ක්
මේ
වචන අතරින් A –An වචන දෙක අනියත අව්‍ය පද ලෙස හදුන්වයි . ඒකට හේතුව වන්නේ එම වචන දෙක
විශේෂ දෙයක් හෝ විශේෂ පුද්ගලයෙක් හැදින්වීම සදහා භාවිතා නොකිරීමයි
මෙහදී
A යන අකුර යොදන්නේ ව්‍යංජන ශබ්දයකට මුලින්
An පදය යොදාගන්නේ ස්වර ශබ්දයකට මුලින් { සිංහල
භාෂාවේ ස්වර අකුරු වල ශබ්ද මතකයට
නගා ගන්න }
***** පහත
උදාහරණ වලින් මේ ගැන හොදින් අවබෝදකරගන්න පුළුවන් වෙනවා තේරුනේ නැත්තම ඒ ගැන වැඩිය
හිතන්න එපා ************
A අකුර යෙදෙන අවස්ථා
බල්ලෙක්
- A
dog
හාවෙක්
- a rabbit
පුතෙක්
- a son
සරුංගලයක්
- a kite
පොතක්
- a book
ගසක්
- a tree
An අකුරු යෙදෙන අවස්ථා
පැයක් - An
hour
කුබියෙක්
- an ant
කුඩයක්
- an umbrella
රාජාලියෙක්
- an eagle
පොරවක්
- an axe
අවංක
මිනිසෙක් - an honest man
ඇපල්
ගෙඩියක් - an apple
**** an වචනය මුලට
යෙදිලා තියෙන වචන කිහිපය කියවන්න ඒ වචන මුල ස්වර අකුරු වල සබ්දය කියවෙනවා .
ඒක ටිකක් තේරුම් ගන්න බලන්න *****
The යෙදෙන අවස්ථා
The වචනය නිත්‍ය අව්‍ය පදයක් ලෙස
හදුන්වයි
The යන පදය යොදාගන්නේ විශේෂ දෙයක් හෝ
විශේෂ පුද්ගලයෙක් හැදින්වීම සදහා භාවිතා කිරීමටයි
***** පහත උදාහරණ
වලින් මේ ගැන හොදින් අවබෝදකරගන්න පුළුවන්*********
බල්ලා
- The dog
පිරිමි
ළමයා- the boy
පොත
- the book
පැන්සල
- the pencil
ගෙදර
- the home
රියදුරා
- the driver
************************
ඒත්
තේරුනේ නැත්තම් වැඩිය හිතන්න එපා පහත සරළ වාක්‍ය කිහිපය කියවන්න එතකොට සේරම සරළව
තේරුම් ගන්න පුළුවන්
************************
බල්ලෙක් ආවා - A
dog came ( කාගේ බල්ලද දන්නේ නෑ )
බල්ලා ආවා - the
dog came ( අපි දන්න බල්ලෙක් )
පිරිමි ළමයෙක් ආවා - a boy came ( අපි දන්නේ නැති )
පිරිමි ළමයා ආවා -
the boy came ( අපි දන්න පිරිමි ළමයෙක් )
මට ඇපල් ගෙඩියක් ඕනේ - I want an apple { මෙතන විශේෂ කරලා ඉල්ලන්නේ නෑ කැමති ඇපල් ගෙඩියක් }
මට රතු ඇපල් ගෙඩිය ඕනේ - I
want the red apple { මෙතන විශේෂ කරලා ඉල්ලන්නේ රතු ඇපල් ගෙඩියක් }
