ඉරට්ටේ සංඛ්‍යා

පාසල් යන සියලුම ළමුන්ට වගේම වැඩිහිටි සැමට අවශ්‍ය විෂය කරුණක් ගැන තමයි ද කතා කරන්නේ . මේකත් සංඛ්‍යා රටාවක් . වයස් බේදයක් නැතුව මෙම සංඛ්‍යා රටාව ඉගෙනගැනීම වැදගත් 
2න් බෙදුව විට එකක් ඉතුරු වන්නේ නැති  සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා ලෙස හදුන්වයි   .



50/2 = 25යි ඉතුරු 0යි  එම නිසා 50 ඉරට්ටේ සංඛ්‍යාවකි  
25/2 = 12යි ඉතුරු 1යි එම නිසා 25 ඉරට්ටේ සංඛ්‍යාවක් නොවේ 
40/2 = 20යි ඉතුරු 0යි එමනිසා 40 ඉරට්ටේ සංඛ්‍යාවකි 
31/2 = 15යි ඉතුරු 1යි එම නිසා 15 ඉරට්ටේ  සංඛ්‍යාවකි 



 මෙම සංඛ්‍යා හදුනා ගැනීමට පහසු ක්‍රමයක්  මම අද හදුන්වා දෙනවා . ඕනෑම සංඛ්‍යාවක අග ඉලක්කම 0,2,4,6,8 යන ඉලක්කම වලින් එකක් නම් එම ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා 



පහත නිදසුන් කිහිපය බලන්න 



125 - අග ඉලක්කම 5 එම නිසා 125 ඉරට්ටේ සංඛ්‍යාවක් නොවේ 
5007 - අග ඉලක්කම 7 එම නිසා 5007 ඉරට්ටේ සංඛ්‍යාවක් නොවේ 
203780 - අග ඉලක්කම 0 එම නිසා 203780 ඉරට්ටේ සංඛ්‍යාවකි 
46586 - අග ඉලක්කම 6 එම නිසා 46586 ඉරට්ටේ සංඛ්‍යාවකි 
ඉහත උදාහරණ කිහිපය තුලින් ඔබට ඉරට්ටේ සංඛ්‍යා පිළිබද අවබොදයක් ලැබෙන්නට ඇත